Featured News

Video Gossip

Advertisement

නව පරපුරේ ගායක නදීමාල් පෙරේරා ගැන තවමත් හැමෝම වගේ කතාවෙනවා.

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු නදීමාල් පසුගියදා ලංකාවට පැමිණි අවස්ථාවේදී CID අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණා.

මාධ්‍ය ඉදිරියේ කිසිවක් නොපැවසූ ගායක නදීමාල් පෙරේරා සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

“පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා හිතාගන්න අමාරුයි. කොච්චර අමාරුවක වැටුනත් මට මේ තරම් ආදරේ කරන අය ඉන්නවා ද කියලා දකිද්දි දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. ඉතින් විශේෂයෙන් Nisal Fernando Dilshika Weerasuriya Sanuka Wicky Sajitha Anuththara Anthony Kaushan Wijesuriya Evanda Vithanage Dilmin Perera Praveen Gunaratne Kashon Fernando ඇතුලු මගේ යාලුවන්ට, මගේ band එකේ සහෝදරයින්ට, මගේ නෑදෑයින්ට, මං සහ මගේ තාත්තා වෙනුවෙන් දෙවියන්ට භාර වුණු අයට, අපිව බලන්න ලැබෙන විනාඩි 10ට හරි ලංකාවේ ඉදන් ticket දාගෙන ආපු අයට, සහ වචනෙකින් හරි මගේ අම්මාව, පවුලේ අයව දිරිමත් කරපු හැමෝටම, හැමදාම මම ණයගැතීයි. ස්තූති කරන්න ඕන කොහොමද කියලා ඇත්තටම තේරෙන්නෙ නැහැ.

මම තනිවෙලා නෑ කියලා මට message කරලා call කරලා තිබුන හැමෝටම ගොඩක් පින්. ඒ වචන තමයි අදටත් මාව ජීවත් කරවන්නේ. සමාවෙන්න ඒ messages වලට තනි තනිව reply කරන්න බැරි වුනා නම්. ඒ වගේම ලංකාවේ gossip sites වල කොච්චර බොරු දේවල් දැම්මත් ඒවා විශ්වාස නොකර මං ගැන ඔයාලා තිබ්බ ඒ විශ්වාසයට මම ස්තූතිවන්ත වෙනවා වගේම ගරු කරනවා. ඉතින් ආයෙත් කියන්නම් මටත් මගේ තාත්තාටත් ආදරේ කරන හැමෝටම ගොඩාක් ස්තූතියි. ආදරෙයි ඔයාලා හැමෝටම. ආයෙත් ඉක්මනින් හම්බවෙන්නම්! බුදු සරණයි! ජේසු පිහිටයි!

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements