බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල වන බවත් ඒවා සිදුවන ස්ථාන හා ඒවාට සම්බන්ධ වන අයගේ නම් පවා දැනුම් දී තිබියදී රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අපොහොසත් වූ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට ඊයේ (22 දා) රැුස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛi ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ රැස් වූ කැබිනට් මණ්ඩල රැුස්වීමේදී මේ බව තීරණය කළ බවත් එම තීරණය සහ නව පොලිස්පතිවරයකු පත් කළ යුතුය යන ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.
ඇමැතිවරයා මේ බැව් පැවසුවේ අරලියගහ මන්දිරයේදී ඊයේ (22 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.
අකිත පෙරේරා

