බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශවලට චෝදනා කරන්නේ කොහොමද? බුද්ධි අංශයේ භාගයක් ඉන්නේ හිරේ යැයි හිටපු ජනාධිපති විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (22 දා) මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.
කොළඹ විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියකු නැඟු ප‍්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
ආණ්ඩුවේ ඇතැම් මන්තී‍්‍රවරුන් ත‍්‍රස්ත ප‍්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ වගකිවයුතු බවට චෝදනා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු එහිදී ප‍්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීය.
බුද්ධි අංශවලට චෝදනා කරන්නේ කොහොමද? මේ සම්බන්ධව වාර්තාවක් දීලා තියෙනවා. එමෙන්ම බුද්ධි අංශයේ භාගයක් ඉන්නේ හිරේ. බුද්ධි අංශ ලබාදුන් වාර්තාව අනුව කි‍්‍රයාත්මක නොවීමයි ප‍්‍රශ්නය. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජයට යුතුකමක් තිබුණා.
අනුර බාලසූරිය

