Advertisement

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් පැවැත්වූ ඩුබායි සාදයේ සිටියදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙකු අද(23) අළුයම දිවයිනට පැමිණ ඇත.

UL – 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ පිරිස කටුනායක ගුවන් තොටුපොළට පැමින ඇති අතර එහිදී කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි මස 5 වැනිදා ඩුබායිහි පැවති සාදයකදී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ඇතුළු 29 දෙනෙකුගෙන් යුත් පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනා මත ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර එරට නීති ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව විටින් විට අත්අඩංගුවට පත් පිරිස මෙරටට පිටුවහල් කෙරිණි.

මේ වනවිට 23 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති අතර ඉන් 6 දෙනෙකු මේ වනවිට මෙරට රක්ෂිත බන්ධනාගාර ගතව ඇත.

මේ අතර මාකඳුරේ මධුෂ් විසින් තමන්ව ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන්ගෙන් අභියාචනයක් කර තිබු අතර එහිදි එම අධිකරණය එම අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට තීරණය කර කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements