Featured News

Video Gossip

Advertisement

විදේශ රැකියා සදහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සදහා මෙරට පාසැල්වල හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සදහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ අවධානය යොමුවී තිබෙන බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙම ශ්‍රමිකයින් එරටදී සේවය කරන අතරතුර ඔවුන්ගේ දරුවන්ද එම රටවලදී අධ්‍යාපනය ලබන අතර, රැකියාව අවසන්වී මෙරටට පැමිණි පසු මෙරට රජයේ පාසැල් හා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට එම දරුවන් ඇතුළත් කිරීමේදී විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුවීම අමාත්‍යවරයාගේ මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.

එසේම මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර, එයට කඩිනමින් විසදුම් ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටියි.

ඒ අනුව රජයේ පාසැල්වලට එම දරුවන් ඇතුළත් කිරීම, ඉංග්‍රිසි මාධ්‍ය මගින් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමට අපේක්ෂිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements