Featured News

Video Gossip

Advertisement

මාතර - කතරගම දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස ඊයේ (08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ආරාධිත අමුත්තන් රැගත් දුම්රිය පෙරවරු 10.00ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගා වූ අතර මෙය දැක බලාගැනීමට ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ජනතාව අතර ඇති වූ තදබදය හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී පීත්ත පටිය කපා දුම්රිය ස්ථානය විවෘත කිරීමට, පැමිණ සිටි ආරාධිත අමුත්තන් හට අවස්ථාව නොලැබිණි.

පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි මෙම මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගතවන්නේ විනාඩි 20 ක් පමණයි.

මෙරට දුම්රිය මාර්ගයක ඉදි කෙරුණු දිගම දුම්රිය පාලම පිහිටා ඇත්තේද මාතර බෙලිඅත්ත මාර්ගයේයි.

වටගම පාලම ලෙස හදුන්වන එහි දිග මීටර් 1500 ක් බවයි ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේ. එම පාලම ඉදිකර ඇත්තේ ගොඩබිම් ප්‍රදේශයක් හරහා වීමද විශේෂත්වයක්.

එමෙන්ම දිවයිනේ දුම්රිය මාර්ගයක් හරහා ඉදිකර ඇති දෙවන දිගින් වැඩිම පාලම පිහිටා ඇත්තේද මෙම මාර්ගයේයි. නිල්වලා ගග හරහා ඉදිකර ඇති එම පාලම දිගින් මීටර් 1400 ක් වනවා.

එමෙන්ම මෙරට ඉදිකර ඇති පොළව මට්ටමේ සිට උසින් වැඩිම පාලම අයත්වන්නේද මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයටයි. වෙහෙරගොඩ ප්‍රදේශයේ පිහිටි එම පාලමෙහි උස මීටර් 21 ක්.

එමෙන්ම ලංකාවේ දිගම දුම්රිය බිංගෙයද බෙලිඅත්ත මාතර දුම්රිය මාර්ගයේයි පිහිටා ඇත්තේ. දිගින් අඩි 1835 ක් වන එම දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ කැකණදුර දුම්රිය ස්ථානයට යාබදවයි.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන ගණන 6 ක්. මාතර / පිලදූව / වෙහෙරහේන / කැකණදුර / බඹරැන්ද / වැවුරුකන්නල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථානයි.

අද මෙම සියලු දුම්රිය ස්ථානද විවෘත කරනු ලබන අතර මංගල දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණිමෙන් පසු පෙරවරු 10 යි 30 ට උත්සව සභාව ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර අද සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රිය 7 ක් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ඉන් එක් දුම්රියක් ගාල්ල දක්වාද 4 ක් මරදාන දක්වාද ගමන් කරනු ඇති.

සෙසු දුම්රිය දෙක යාපනය සහ වව්නියාව බලා ධාවනය කරවීමටයි ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම්කර ඇත්තේ.

එමෙන්ම බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 ක් වන අතර දෙවන පංතියේ ගාස්තුව රුපියල් 70 ක්.

තුන්වන පංතියේ ගාස්තුව රුපියල් 35 ක් වන බවයි ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කළේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සහ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්වූහ.

කෙසේ නමුත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ප්‍රණාමය ලෙස සඳහන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනරයක් නව දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණි පසු පිරිසක් විසින් දුම්රිය ඉදිරිපස සවි කළේය.

මාතර - බෙලිඅත්ත නිවැරදි දුම්රිය කාලසටහන
















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements