Advertisement

කලම්බු රෙසිඩන්ට් හෝටලයේ ඉදිකිරීම් සැළැස්ම ඇතුළු කොළඹ ප්‍රධාන ඉදිකිරීම්වල සැළසුම් පිටපත් ලඟ තබාගෙන සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා නිලධාරියකු ලබන මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර බාරයේ රඳවා තැබීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (26) නියෝග කර ඇත.

වත්තල හුණුපිටියේ පදිංචි ඩූල් මොහොමඩ් ඉම්රාන් නැමති මෙම සැකකරුගේ ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත‍්‍රයේ ඇති තොරතුරු එකිනෙකට පරස්පර බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරඇත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් තමන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරික්‍ෂාවකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු සන්තකයේ කලම්බු රෙසිඩන්ට් හෝටලයේ ඉදිකිරීම් සැළැස්ම මෙන්ම කොළඹ ප්‍රධාන වැඩබිමේවල සැළසුම් පිටපත්ද එමෙන්ම ව්‍යාජ ලේඛන ගණනවාක්ද තිබු බව දැනුම් දී තිබේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් වැඩ බිමක සේවයකයකු වන නම් සේවා දායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා තිබේ.

සැකකරුට ඇප දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන මස 06 වැනිදා තෙක් රක්ෂිත බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල ප‍්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද පොලිසියට නියෝග කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements