Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ප‍්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැකකටයුතු ලොරි රථය ඊ‌‌යේ (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවටගනු ලැබීය.

මෙම හිමිකරු බව කියන වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ෂැංග්‍රිලා හෝටලයේ දී ඉකුත් 21 දා බෝම්බයක් පුපුරාගෙන මියගිය මොහොමඞ් ආසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගේ නමින් මෙම ලොරිය ලියාපදිංචි කර ඇති අතර ඉකුත් 22 දින කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ දී විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂිතව පුපුරවා හරින ලද වෑන් රථයද ලියා පදිංචිකර ඇත්තේ ද මෙම බෝම්බකරුගේ නමින් බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

බෝම්බකරු මෙම ලොරිය ලියාපදිංචිකර ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේ ලිපිනයට බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ලොරියේ අයිතිකරු වශයෙන් දැනට සිටින පුද්ගලයා මෙම ලොරිය මීට වසර දෙකකට පෙර මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගෙන් කල්බදු ක‍්‍රමයට ලබාගෙන ඇති අතර වාරික රැසක් ගෙවීමට ඇති නිසා ඔහු ලොරිය සිය නමට ලියා පදිංචි නොකර මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගේ නමින්ම කල්බදු ගෙවා ඇති බවට ප‍්‍රශ්න කිරීම් වලදී හෙළි කරගෙන ඇත.

මෙම ලොරි රථය කොටහේන පොලිසිය බාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වමින් සිටියි.


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook