Advertisement

ප‍්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැකකටයුතු ලොරි රථය ඊ‌‌යේ (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවටගනු ලැබීය.

මෙම හිමිකරු බව කියන වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ෂැංග්‍රිලා හෝටලයේ දී ඉකුත් 21 දා බෝම්බයක් පුපුරාගෙන මියගිය මොහොමඞ් ආසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගේ නමින් මෙම ලොරිය ලියාපදිංචි කර ඇති අතර ඉකුත් 22 දින කොච්චිකඬේ පල්ලිය ආසන්නයේ දී විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂිතව පුපුරවා හරින ලද වෑන් රථයද ලියා පදිංචිකර ඇත්තේ ද මෙම බෝම්බකරුගේ නමින් බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

බෝම්බකරු මෙම ලොරිය ලියාපදිංචිකර ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේ ලිපිනයට බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ලොරියේ අයිතිකරු වශයෙන් දැනට සිටින පුද්ගලයා මෙම ලොරිය මීට වසර දෙකකට පෙර මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගෙන් කල්බදු ක‍්‍රමයට ලබාගෙන ඇති අතර වාරික රැසක් ගෙවීමට ඇති නිසා ඔහු ලොරිය සිය නමට ලියා පදිංචි නොකර මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නැමැත්තාගේ නමින්ම කල්බදු ගෙවා ඇති බවට ප‍්‍රශ්න කිරීම් වලදී හෙළි කරගෙන ඇත.

මෙම ලොරි රථය කොටහේන පොලිසිය බාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වමින් සිටියි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements