කල්මුණේ ප‍්‍රහාරය එල්ල කලේ අපයි ISIS නිවේදනය කරයි - ගැටුමෙන් අපට කිසිදු හානියක් නෑ - හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාද තහවුරු කරයි
gossip
,
gossip lanka
,
News
,
reuters
26 වනදා අම්පාර කල්මුණේදී ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශයනට ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ තම සංවිධානය විසින් බව ISIS සංවිධානය විසින් පවසයි.
තම සංවිධානයේ සාමාජිකයන් තිදෙනෙකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කල බව ISIS සංවිධානය විසින් අමාක් පුවත් සේවයට පවසා ඇති බව රොයිටර් වාර්තා කරයි.
ගැටුම් වලදී පොලිස් නිලධාරින් 17ක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇති බවත් ඔවුන් සදහන් කර ඇතත් ඊට කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් කරන්නට සමත් වී නැත.
මෙම ගැටුමේදී කිසිදු ආරක්‍ෂක අංශ නිලධාරියෙක් මිය නොගිය බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙන්ම හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාද තහවුරු කරයි.

