Advertisement


බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි හෝමාගම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

අදාල වෛද්‍යවරිය ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි දිනක හෝමාගම රෝහලට බුර්කාව පැළඳ සේවයට වාර්තා කර බාහිර ප‍්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පල කර ඇති අතර පසුව එම රෝහල් කාර්ය මණ්ඩලයද බුර්කාව පැළඳ රාජකාරී සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කර ඇති බව එම ප්‍රකාශකයා කීය.

පසුව රෝහල් ප‍්‍රධානීන් විසින් අදාල වෛද්‍යවරියගේ පියා රෝහලට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර වෛද්‍යවරිය ඇයගේ පියාට භාර දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.

එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති බවත් මැයි මස 02 දින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.

පසුව අදාල වෛද්‍යවරිය විසින් සිය වෛද්‍ය වෘත්තීයෙන් ඉල්ලා අස්වීමට කැමැත්තපල කරමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව එම ප්‍රකාශකයා කීය.

මේ පිළිබදව අප හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ.හෙට්ටිආරච්චි මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

‘‘එවැනි සිදුවීමක් අප රෝහලේ සිදුව තිබෙනවා.එම සිදුවීමෙන් පසු ඇය තවමත් සේවයට වාර්තා කර නැහැ. පසුව ඇයට සිය වෘත්තියෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසා අප වෙත ලිපියක් ලබා දී තිබෙනවා නමුත් තවම ඇයගේ ඉල්ලා අස්වීම පිලි ගත් බවට අප වෙත දන්වා නැහැ‘‘

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements