Featured News

Video Gossip

Advertisement

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම ගෝඨාභය රාජපක්ෂට එරෙහි මෛත්‍රිපාල සිරිසේන මෙහෙයුමක තවත් පියවරක් බව අනාවරණය වේ. ගෝඨාභය රාජපක්ෂ සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වූ ඥාණසාර හිමියන් සමග ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා ගණනාවකදී දුරකතන සාකච්චා පවත්වා තිබේ. පසුගිය වෙසක් දිනයේ වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයා එහි අවසන් සාකච්ඡාව පවත්වා ඇත. මේ සාකච්ඡාවට සහභාගි වූ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා, පසුගිය 23දා ජනාධිපති සමාව ලබාදීමේ නියෝගය නිකුත් කිරීමට පෙර අවස්ථා දෙකකදී ඥාණසාර හිමියන් මුණ ගැසී තිබේ. ජනාධිපති සමාව ලබාදීමට අදාළ සම්පූර්ණ ලියවිලිවලට ජනාධිපතිවරයා අත්සන් තබා ඇත්තේ 23දා පෙරවරුවේද ඥාණසාර හිමියන් සහ තිලංග සුමතිපාල මහතා අතර පැවති සාකච්චාවකින් පසුවය. ඊට පෙර 22දා රාත්‍රියේ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානියකු වන ඩිලන්ත විතානගේ සහ ජනාධිපතිවරයා අතරද සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ අතර වෙසක් දිනයේ වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනාධිපතිවරයා මරණ දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාද මුණගැසී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහි තුරුම්පු ලෙස ඥාණසාර හිමියෝ සහ දුමින්ද සිල්වා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය අප්‍රේල් මුල් සතියේදී ජනාධිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් තමන්ගේ සමීපතමයන් පිරිසකගෙන් බුද්ධි වාර්තාවක්ද කැදවා ඇති අතර ඊට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණද සම්බන්ධ වී ඇත. කලක් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ කපිල හෙන්දවිතාරණ මේ වනවිට ජනාධිපතිවරයා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යයි.

ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ අතුරුදන්ව තිබූ සටහන් පොත සම්බන්ධයෙන් දැනට ඇප මත නිදහස්ව සිටින නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ලබාදුන් ප්‍රකාශවලට කපිල හෙන්දවිතාරණ ද සම්බන්ධ වී ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ඨ මගින් මේ සටහන් පොතේ පිටු කිහිපයක් කපිල හෙන්දවිතාරණ ලබාගත් බව අදාළ සාක්ෂි අතර වේ.

මේ තත්වය යටතේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළද, අවස්ථා කිහිපයකදීම එය වළක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බව අනාවරණය වේ. මෙසේ තමන්ට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි එකතු කිරීම ජනාධිපතිවරයා විසින් මීට මාස ගණනාවකට පෙර සිට ආරම්භ කර තිබේ.

මේ අතර ඥාණසාර හිමියන් පසුගිය 23 දා ජනාධිපති සමාව ලැබීමෙන් පසු මාධ්‍යවේදීන් සහ හිතවතුන් මගහැර යෑම සම්බන්ධයෙන් සමීපතමයන් පවා විරෝධය පළකර තිබේ.

මේ සැලැස්ම පිළිබදව දැන සිට ඇත්තේ ඩිලන්ත විතානගේ සහ ඔහුගේ සමීපතමයන් කිහිපදෙනෙකි. ඩිලන්ත විතානගේ යනු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මෙන්ම රනිල් වික්‍රමසිංහගේද උපදේශකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු පසුගිය කාලයේ සමීපව සිටියේ මංගල සමරවීරට සහ රාජිත සේනාරත්නටය. මෙසේ ඩිලන්ත විතානගේ හරහා ජනාධිපතිවරයා සමග ඥාණසාර භික්ෂුව සම්බන්ධ වීම පිළිබදව බොදුබල සේනා සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරීන් විරෝධය පළකර තිබේ. ඊට හේතුව ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගැනීමේ මෙහෙයුමක සිටීමයි.

lankatruth

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements