Advertisement

දිවයින පුරා පිහිටි මද්‍රසා පාසල් වහාම රජයට පවරා ගෙන ඒවායේ සිංහල හා ඉතිහාසය විෂයයන් ඉගැන්විය යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම පාසල්වල සම්පූර්ණයෙන් ම අරාබි භාෂාව පමණක් ඉගැන්වීමෙන් අන්තවාදය ඇති කිරීම සඳහා මාර්ගය පාදාගෙන තිබූ බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී ය.

මෙම පාසල්වල උගන්වන ගුරුවරුන් කවුරුන් ද, විෂයයන් කවරේ ද යන්න පිළිබඳව මේ වන තෙක් කිසිදු සොයා බැලීමක් සිදු වී නැතැයි ද එම නිසා යම් නියාමනයක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැහැදිලි වාර්තාවක් ලබා ගත යුතු යැයි ද ඒ මහතා කීවේය. මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට මෙවැනි පාසල් යොදාගෙන ඇති බවත් එම නිසා සාම්ප‍්‍රදායික මුස්ලිම් ආගමික නායකයන්ගේ අවධානය මේ වෙනුවෙන් යොමු විය යුතු බවත් මහ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements