Advertisement

1996 දී අර්ජුන රණතුංග ලෝක කුසලාන දිනා ගැනීමට පෙර උද්ගත වූ තත්ත්වයන් සියලූදේම මෙවර දිමුත් කරුණාරත්න ඇතුළු පිරිසට අත්විඳීමට සිදු වූ බවත් එබැවින් 96 මෙන් 2019 දී එම අභියෝගය ජය ගැනීමට හැකිවෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානට පිටත්වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ක‍්‍රීඩා ඇමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය.

‘‘රටේ ඇතිවුණ සිද්ධාන්තයන් කිහිපයක් එක්ක ගොඩක් කලින් තමයි අපේ කණ්ඩායම පිටත්ව යන්නෙ ලෝක කුසලානට. මේක අපිට ඉතාමත් වටිනා අවස්ථාවක්. රටක් හැටියටයි ශ‍්‍රී ලංකා කණ්ඩායමයි දෙකම විශ්වාසයක් නැතිව ඉන්න වෙලාවක තමයි ඔවුන් ලෝක කුසලානට යන්නෙ. අභියෝග හමුවේ ලංකාව පැනලා ගිය රටක් නෙමෙයි. අභියෝග හමුවේ හොඳට මුහුණ දෙන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියෙන කණ්ඩායමක් තමයි අපිට මෙවර ඉන්නෙ. මම එකම ඉල්ලීමයි ලංකාවෙන් ඉල්ලන්නෙ. හදවතින්ම පළමුව රට වගේම මේ කණ්ඩායමට අවශ්‍ය ආශිර්වාදය අපි ලබා දෙන්න ඕන.’’

රටේ ඇති වූ තත්ත්වය මෙන්ම අවසන් එක්දින තරගාවලිය 5-0 කින් පරාජය වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා. ‘‘අපි අමාරු වෙච්ච වෙලාවට තමයි ඔක්කොම එකතුවෙලා එ් ගැම්ම දිරිය දෙන්න ඕන. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ කණ්ඩායම ගැන. මම සමාජ ශාලා බලනකොට දැක්කා. අපූරු අදහසක්. අපි 96 ලෝක කුසලාන දිනන විටත් අපි මේ තත්ත්වයේ හිටියේ. එදා අන්තිම තරගාවලියත් 5-0 කින් පරාදයි. ලෝක කුසලානට පෙර එල්.ටී.ටී. ප‍්‍රහාර තිබ්බා. නමුත් අද අයි.එස්.අයි.එස්. ප‍්‍රහාර තියෙන්නෙ. මෙවර ශ‍්‍රී ලංකා කණ්ඩායමත් අවසන් තරගාවලිය 5-0 කින් පරාදයි. අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩායම එ් අභියෝගය එදා ජය ගත්තා වගේ දිමුත් කරුණාරත්න ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙවර එ් අභියෝගය භාර ගනියි කියලා බලාපොරොත්තු වෙනවා.’’

අසේල විතාන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements