Advertisement

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. 04 වැනි පිටුවට

එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් සහ කෝටි ගණන් වටිනා රන් ආභරණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන තිබේ.

එම දේපළ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අවසන් වනතෙක් අත්පත් කර ගැනීමට හෝ පරිහරණය කිරීමට නොහැකිවන ආකාරයට තහනම් නියෝගයක් ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. මෙසේ රාජසන්තක කිරීමට නියමිතව තිබෙන දේපළ අතර ෂැංග‍්‍රිලා හෝටලයේ බෝම්බය පුපුරවාගෙන සියදිවි හානිකරගත් මොහොමඞ් ඉන්සාම්ට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව, දෙමටගොඩ පිහිටි සුවිසල් නිවස සහ තවත් ඉඩකඩම් විශාල ප‍්‍රමාණයක් ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මොවුන්ට අයත් බැංකු ගිණුම් රැුසක ඇති රුපියල් කෝටි ගණනක මුදල්, මැණික් සහ රන් ආභරණ මේ වනවිට සොයාගෙන තිබේ. මේ අතර තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ නායකයාව සිටි මොහොමඞ් සහරාන් ඔහුගේ සොහොයුරු මොහොමඞ් රිල්වාන් මෙන්ම මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කර දිවි හානි කරගත් ත‍්‍රස්තවාදීන් අට දෙනෙකුට අයත් රුපියල් කෝටි ගණන් වටිනා චංචල සහ නිශ්චල දේපළ මේ වනවිට සොයාගෙන ඇත.

මෙම දේපළ සම්බන්ධයෙන් සිදුකෙරෙන නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු අධිකරණ නියෝගයක් ලබාගෙන ඒවා රජසන්තක කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

හේමන්ත රන්දුණු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements