Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කෘත‍්‍රිම ආලේපන භාවිතයෙන් ලබන සුන්දරත්වයට වඩා ස්වාභාවිකව ගෙන දෙන සුන්දරත්වය කාන්තාවකට ආභරණයකි. ඒ ආභරණය පලඳින්නට නම් ඔබ සතුව තිබිය යුතුම දෙයක් වන්නේ නිරෝගීකමයි. ඔබ කෙතරම් සුන්දර වුවත් නිතර සිටින්නේ ඇඳකට සීමාව නම්, කලකිරීමෙන් නම් එමගින් ඔබේ සම, නිය, කෙස් ඔබටත් නොදැනිම රෝගී විය හැකිය. මේ නිසා බොහෝ කල් පවතින සුන්දරත්වයක් වෙනුවෙන් ඔබ කායික මෙන්ම මානසික නිරෝගීබව පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. මෙවර ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ එවන් ස්වාභාවික සුන්දරත්වයක් අත් කර ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳවයි.

පෙර සූදානම අවශ්‍යයි

වයස්ගත වීම ස්වාභාවික ය. එහිදී සිදු වන සම රැුලි වැටීම, හිස කෙස් සුදු වීම, දත් දිරා යෑම, සම වියළීම ආදිය ස්වාභාවිකව සිදු වන දේවල්ය. වයස අවුරුදු 35 -40 පමණ වන විට සිරුරේ කි‍්‍රයාකාරීත්වය අනුව සෑම කෙනෙකු තුළම මේ ලක්ෂණ පහළවීම ආරම්භ වේ. එහෙත් ඔබ ඔබේ කායික මානසික සෞඛ්‍යය නිිරෝගීව පවත්වා නොගතහොත් වයස අවුරුදු 40 ආසන්න වන විටම වයස අවුරුදු 10 කින් පමණ වැඩි පෙනුමක් ඔබ තුළින් දිස් විය හැකිය. මේ තත්ත්වයෙන් වළකින්නට නම් කල් තියාම ඔබේ චර්යා යහපත් කර ගත යුතුය. නිරෝගීබව වැදගත් වන්නේ මේ සඳහාය. නිරෝගීබව පිළිබඳ සාකච්ඡුා කරන විට දත්, නිය, සම, හිසකෙස් ආදිය වැදගත් වේ. සිරුරේ බාහිර කොටස් වන මේවා දිගු කලක් නිරෝගීව පවත්වා ගැනීමට නම් වියපත් ලක්ෂණ පහළවීමට පෙර පටන් මේ කොටස් පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

පිරිසුදුබව රැකගන්න

දෛනික කටයුතු කිරීමේ දී නිරතුරුවම අපේ සම, නිය, දත්, හිසකෙස් ආදිය කුණු ¥විලිවලට නිරාවරණය වේ. මේවා නිවැරදි ලෙස පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සුදුසු ෂැම්පු භාවිතය, සම සඳහා සුදුසු ආලේපන භාවිතය, සම පිරිසුදු කිරීමේ ස්වභාවික ක‍්‍රම අනුගමනය කිරීම වැදගත් වේ. වයස අවුරුදු 35 පසු වන විට සමේ වියපත් ලක්ෂණ පහළ වේ. එවිට මසකට වරක් ෆේෂල් සත්කාරයක් කර ගැනීමෙන්, ක්ලීනප් එකක් සිදු කර ගැනීමෙන් සම පිරිසුදු කර ගැනීමටත් පෝෂණය කර ගැනීමටත් හැකිය.
රූපයට මනස බලපානවා

අපි ලස්සනට ඉන්න මොන දේවල් කළත් අනෙක් අය ආකර්ෂණය කර ගත හැකි පෙනුමක් ලබන්නට සෑමවිටම උපකාරී වන්නේ මනසයි. ප‍්‍රශ්න ගැටලූ සමග ජීවිතේ ගෙවන බොහෝදෙනකු තුළින් දිස්වෙන මලානික පෙනුම ඔවුන්ගේ රූපය අවලස්සන කර පෙන්වයි. මේ නිසා නිතරම ස්වාභාවික සුන්දරත්වයක් ලැබීමට අපේක්ෂා කරන ඔබ ප‍්‍රශ්න ගැටලූ නිරාකරණය කරගෙන මනස නිදහස් කරගන්න. එය ඔබේ පෙනුම යහපත් අයුරින් පවත්වා ගැනීමට උපකාරී වේවි.

එදිනෙදා කළ හැකි දේවල්

රූප සෞන්දර්ය වෙනුවෙන් වෙනම මුදල් වෙන් කිරීම අවශ්‍යම නොවේ. එදිනෙදා ජීවිතයේ දී නිවෙසේ කටයුතු කරන අතරේ ඒ වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කිරීමට ඔබට බැරි නැත. කෑම පිස අවසානයේ අහක දමන දෙහි ලෙල්ල, පිපිඤ්ඤා මදය, පොල් කිරි වැනි ඉතා පහසුවෙන් සපයා ගත හැකි දේවලින් මුහුණ අත් පා පිරිසුදු කරගන්න. මෙලෙස ඔබට කළ හැකි සත්කාර පිළිබඳ මීට ඉහත ලිපියක දී අපි සාකච්ඡුා කළෙමු.

මවක් වුණත් ලස්සනට ඉන්න

පි‍්‍රය මනාප බිරිඳක්, මවක් නිවෙසට සිරිකතකි. මේ නිසා කාන්තාවකගේ සුන්දරත්වය පවත්වා ගැනීම වැදගත් වේ. ඔබ මවක් වූ පසු තමන්ගේ රූප සෞන්දර්යට වැදගත් වන දත්, නිය, කෙස් කලඹ, සම ගැන නොසලකා හරිනවා නම් ඔබේ ස්වාභාවික සුන්දරත්වය වියපත් ලක්ෂණ පහළ වන්නට කලින් ඔබට අහිමි වේවි.


යහපත් සෞඛ්‍ය පුරුදු

නිරතුරුවම පෝෂ්‍යදායී ආහාර වේලක් ආහාරයට එක් කර ගන්න. කෘතිම ආහාර වර්ගවලින් ඈත් වෙන්න. එසේම වැඩිපුර එළවළු පලතුරු ආහාරයට ගන්න. පැය 8 කවත් සුව නින්දක් පවත්වා ගැනීම වැදගත් වේ. එසේම සිරුරට අවශ්‍ය පමණ ජලය පානය කිරීම ද වැදගත්ය. සම වියළීම පාලනය කර ගැනීමට මෙන්ම බොහෝ රෝගී තත්ත්වයන්ගෙන් මිදීමටත් ජලය පානය අවශ්‍ය වේ. මේ අතරම දිනකට පැය භාගයක්වත් ව්‍යායාමයක් පුහුණු කරන්න. එසේම නිතරම හොඳ සිතිවිලිවලින් මනස පුරවා ගන්න. මේ දේවල් ඔබේ ස්වාභාවික සුන්දරත්වයට බොහෝ සෙයින් උපකාරී වේවි.


සසිනි රණසිංහ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook