Featured News

Video Gossip

Advertisement

ආරක්‍ෂක මණ්ඩලය මාස දෙකක් රැුස් නොවීම බරපතළ වරදක් බවත් තම පාලන කාලයේදී ආරක්‍ෂක මණ්ඩලය සතියකට වරක් රැුස්වූ බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

තංගල්ල කාල්ටන් නිවසේ ඊයේ (30 ) පෙරවරුවේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

මගේ කාලයේ නම් ආරක්‍ෂක මණ්ඩලය සතියකට වරක් රැුස් වුණා. ඒක තමයි යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ. බුද්ධි අංශ තොරතුරු ගැන, යුද්ධයේ තත්ත්වය ගැන හැම කෙනාම කරුණු ඉදිරිපත් කළා. යුද්ධය අවසන් වූවාට පසුවත් ආරක්‍ෂක මණ්ඩලය රැුස්වුණා. මාස දෙකක් තිස්සේ ආරක්‍ෂක මණ්ඩලය රැුස් නොවීම ලොකු වරදක්. මෙයින් පැහැදිලි වෙන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු නොකළ බව සහ අදාළ නායකත්වයත් එයට උනන්දුවක් දක්වා නැති බවයි. මොකද ඉතාමත් පහසුවෙන් ලැබුණු නිසා අවබෝධයක් නැතිකම තමයි මෙයට හේතුවක් වුණේ. ඉන්දියාවෙන් 4 වැනිදා තොරතුරු ලැබුණා කියනවා. අවසානයේදී නව වැනිදා ලැබුණා කියනවා. නමුත් ඒ අය දන්නේ නැහැ ලැබුණේ කොහෙන්ද කියලා. කොහොම හරි එදා රැුස්වීම රැුස්වුණ දවසේවත් ඒ ගැන කතා කරලා නැහැ. ඒ ගැන සොයා බලා කටයුතු කරන්න උනන්දු වෙලා නැහැ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements