Featured News

Video Gossip

Advertisement

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සිය පුවත්පත් මඟින් ප්‍රකාශයට පත්කරන ලද අසත්‍ය පුවතක් මඟින් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානි පමුණුවා ඇතැයි නිගමනය කළ කොළඹ දිසා අධිකරණය, එම හානිය පූර්ණ කිරීම සඳහා ඒ මහතාට රුපියල් කෝටි 50ක වන්දියක් ගෙවන ලෙසට එකී ආයතනයට කරන ලද නියෝගය බස්නාහිර පළාත්බද සිවිල් අභියාචන මහාධිකරණය විසින්ද ඊයේ (30දා) අනුමත කරනු ලැබීය.

කොළඹ දිසා අධිකරණය සිය නියෝගය නිකුත් කොට ඇත්තේ 2013.07.05 වැනි දින වන අතර එම තීන්දුවට අභියෝග කරමින් ආයතනය විසින් ගොනුකර තිබූ අභියාචනය විභාග කළ පළාත්බද අභියාචන මහාධිකරණය ඊයේ දිසා අධිකරණ තීන්දුව නිරවද්‍ය බව ප්‍රකාශ කරමින් එකී අභියාචනය ඉවත දමනු ලැබීය.

අභියාචනය මඟින් ප්‍රකාශ කොට තිබුණේ නඩු විභාග සඳහා ආයතනයේ නීතිඥවරිය තමාට ලැබී තිබූ නොතීසිය ප්‍රකාරව අංක 01 විනිශ්චය ශාලාවේ රැඳී සිටියදී අංක 03 ශාලාවේ නඩුව කැඳවා තම නියෝජනය නොමැති හෙයින් ඒක පාර්ශ්විකව (ය-නචපබර) නඩු විභාගය ආරම්භ කොට පවත්වාගෙන ගොස් නඩු තීන්දුව ප්‍රකාශ කොට ඇති බැවින් එම තීන්දුව ඉවතදමා නඩුව යළි විභාගයට ගන්නා ලෙසටය.

එහෙත් කොළඹ දිසා අධිකරණයේ නීතිඥවරුන්ගේ පහසුව තකාම පවත්වාගෙන යන දැන්වීම් පුවරුවෙහි එදිනෙදා ඒ ඒ නඩු විභාග සිදුවන අධිකරණ ශාලා අංක පැහැදිලිවම ප්‍රදර්ශනය කෙරෙන බැවින් නීතිඥවරිය වෙනත් ශාලාවක රැඳී සිටීම ඇයගේ නොසැලකිලිමත් භාවය මිස අතපසුවීමක් ලෙස පිළිගත නොහැකි බැවින් අභියාචනය ප්‍රතික්ෂේප කරන බව පළාත්බද සිවිල් අභියාචන මහාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කොට ඇත.

පළාත්බද සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු එම්. වෛද්‍යතිලක මහතා විසින් ලියන ලද මුද්‍රිත පිටු 06කින් යුත් නඩු තීන්දුව සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු සී.පී. කීර්තිසිංහ මහතාගේ එකඟත්වයෙන් ඒකමතික තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්විය.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනය වෙනුවෙන් නීතිඥ එස්. සේරසිංහ මහත්මිය සමඟ නීතිඥ සංජය කොඩිතුවක්කු මහතා අභියාචනා විභාගයේදී කරුණු දැක්වීය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements