Featured News

Video Gossip

Advertisement


ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ කළ සාකච්ඡුා මාධ්‍ය මගින් පළවූ නිසා ඊට වෙනස් ව්‍යුහයකින් පත්කළ ජාතික ආරක්‍ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැුස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

ජාතික ආරක්‍ෂක කවුන්සිලය පසුගිය පෙබරවාරි මාසයේ සිට රැුස් නොවූ බවට ජාතික බුද්ධි ප‍්‍රධානියා පෙරේදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්‍ෂිය පදනම් කර ගනිමින් ඊයේ (30 දා* මාධ්‍ය ඔස්සේ පළවූ ප‍්‍රවෘත්තිය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

අපේ‍්‍රල් 21 වැනිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳව පරීක්‍ෂා කර බලා වාර්තා කිරීම සඳහා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පත්කළ තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ජාතික බුද්ධි ප‍්‍රධානියා කළ ප‍්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ පළවී තිබේ.

එකී මාධ්‍ය වාර්තා මගින් කියැවෙන්නේ 2019 පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්‍ෂක මණ්ඩලය රැුස් නොවූ බවයි. 

ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්‍ෂක මණ්ඩලය තුළ සිදුකෙරුණු සාකච්ඡුා නිල නොවන ලෙස මාධ්‍ය මගින් පළවීමට පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්‍ෂක මණ්ඩලයට වඩා වෙනස් ව්‍යුහයකින් යුක්ත වූ ජාතික ආරක්‍ෂක කමිටුව පිහිටුවන්නට කටයුතු කෙරිණි. එම ජාතික ආරක්‍ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැුස්වී තිබූ අතර, ඇතැම් අවස්ථාවල ජනාධිපතිතුමා සතියකට වරක් ද එම රැුස්වීම කැඳවීමට කටයුතු කළේය.

එමෙන්ම 2019 අපේ‍්‍රල් 08 වැනිදා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැුස්වීමද ජනාධිපතිතුමා විසින් කැඳවා තිබිණි. පැය දෙකකට අධික කාලයක් පැවැති එම සාකච්ඡුාවේදී හෝ මෙවැනි ත‍්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැත.

එමෙන්ම අපේ‍්‍රල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත‍්‍ර රටකින් ලබාදී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියකු විසින් ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබිණි.

එබැවින් මෙම සිදුවීම පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කර තිබූ බවට පළවන දේශීය විදේශීය මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපතිතුමා දන්වා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements