Featured News

Video Gossip

Advertisement


පසුගිය 21වනදා පාස්කු ඉරිදා සංචාරක හෝටල් සහ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන 08කට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි කණ්ඩායමට නායකත්වය දුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයෙකු බවට මේ වනවිට හඳුනාගෙන ඇති වත්තල – මාබෝල නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ් මහතාට අයත් විශාල පන්නයේ ගබඩාවක ඊයේ (28) සිදු කළ සෝදිසි මෙහෙයුමේදී කඩු ඇතුළු තියුණු ආයුද 48ක් හමුවී ඇති බව වාර්තා වේ.

මෙම ගබඩාව එම මන්ත්‍රීවරයාගේ වන නමුත් එම අවස්ථාවේ එම ගබඩාව තමාගේ බව පවසා හමුදා භාරයට ඉදිරිපත්ව ඇත්තේ එම මන්ත්‍රීවරයාගේ මස්සිනා කෙනෙකු බවද වාර්තාවේ.

මෙම මන්ත්‍රීවරයාගෙන් යම් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද මාධ්‍ය වාර්තා පල වුවද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැත.

වත්තල – මාබෝල නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී මොහොමඩ් නව්ශාඩ් මහතාගේ ඥාති සහෝදරයෙකු වන මොහොමඩ් රිෆාස් නැමැත්තා වෝකිටෝකි යන්ත්‍ර දෙකක් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ලාංඡන කිහිපයක් සමග මීට පෙර එනම් අප්‍රෙල් 24 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මන්ත්‍රීවරයා විසින් දේශපාලනයට ගෙන එන ලදුව පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වන මොහොමඩ් රිස්වාන් නැමැත්තා මේ වනවිට අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමගත් පාතාල නායක මධුෂ් සමගත් සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වීම මත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මැයි 15වනදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන මේ වනවිටත් පෑලියගොඩ පොලිසියේ රඳවාගෙන සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements