Advertisement

ඇමැති රිෂාඞ් බදුර්දීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් වහාම ඉවත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පියවර නොගතහොත් අද (30 දා) තමන් වහන්සේ බරපතළ තීන්දුවක් ගන්නා බවත් එම තීන්දුව අද පස්වරු 4.00ට මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයට පත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (29දා) සවස රාජගිරියේ ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණෙහි පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ. 

තමන් වහන්සේ ගනු ලබන තීන්දුවට සමගාමීව රට පුරා අධිෂ්ඨාන පූජා පවත්වමින් බණ භාවනාවල යෙදෙමින් අධ්‍යාත්මික කටයුතුවල නිරත වන ලෙස සියලූම අධ්‍යාත්මිකවේදීන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළ උන්වහන්සේ තමුන්ට ඇත්තේ අවිහිංසාවාදයේ අවිය බැවින් ඒ බලයෙන් සියලූ බලවේග පරාජය කළ හැකි බව විශ්වාස කරන බව ද සඳහන් කළහ.

උපාලි ද සේරම්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements