Advertisement


අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට නීතිඥවරියක් විසින් කරනලද බාධා කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අධිකරණ සංකීර්ණයට ඇතුළුවන අවස්ථාවේ පරීක්ෂාවකට ලක් කිරීමේ දී නීතීඥවරිය විසින් පොලිස් කොස්තාපල්වරිය සූරා තුවාල සිදු කරන ලද බවට අදාළ නීතිඥවරියට චෝදනා එල්ල වී ඇත. මෙම නීතිඥවරියට මීට පෙර ද පොලිසියේ රාජකාරීවලට බාධා එල්ල වන අයුරින් කටයුතු කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය අද අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම වාර්තාව අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements