Advertisement

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඞ් ෂාෆි මහතා චෝදනාවන්ගෙන් නිදහස් කර ගැනීම ස`දහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් කුරුණෑගල රෝහල් බලධාරින්ට සහ එහි වෘත්තීය සමිති නියෝජිතයින්ට යෝජනා ඉදිරිපත් කරමින් සිටින බවට වාර්තා වෙයි. 

ඒ වෙනුවෙන් සාකච්ඡුා කිරීම සඳහා කුරුණෑගල රෝහල් බලධාරීන්ට සහ එහි වෘත්තීය සමිති නියෝජිතයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණෙන ලෙස කර ඇති ආරාධනාව ද ඔවුන් ප‍්‍රතික්ෂේප කර ඇත.

”මේක අපි ගොඩින් බේරා ගමු’ යැයි යෝජනා ඉදිරිපත් කළත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරන ලද සය පුද්ගල කමිටුව පිළිනොගැනීමටත්, ඒ වෙනුවෙන් සාක්ෂි ලබා නොදීමටත් රෝහල් බලධාරින් සහ එහි වෘත්තීය සමිති තීරණය කර ඇත.

එහෙත් පවතින තත්ත්වය හමුවේ චෝදනා ලබා සිටින වෛද්‍ය මොහොමඞ් ෂාෆි මහතාට එරෙහිව පැවැත්වෙන සාධාරණ පරීක්ෂණයක් වෙනුවෙන් පමණක් සිය සහාය ලබා දීමට රෝහල් බලධාරීන් සහ එහි වෘත්තීය සමිති තීරණය කර ඇතැයි ද වාර්තා වෙයි.

සුජීව තත්සර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements