Advertisement

ඉකුත් දා කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝමබය පුපුරවාගත් මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක්ට අයත් එෆ් ඉසෙඞ් වර්ගයේ යතුරුපැදියක් කුලියාපිටිය පොලිස් පරීක්‍ෂකවරයකුට ලද පුද්ගලික තොරතුරක් මත සොයා ගැනීමට කුලියාපිටිය පොලිසියට හැකිව තිබිණි.

එසේ පොලිස් භාරයට ගැනුනේ ඩබ්ලිව්. පී. වී. සී. 4843 දරණ එෆ් ඉසෙඞ් වර්ගයේ යතුරු පැදියයි. මරාගෙන මැරෙන බෝම්බකරු සන්තකව ඔහුගේ නමින්ම ලියාපදිංචි කරතිබූ එම යතුරුපැදිය 2017 අගෝස්තු මස 16 වැනිදා රුපියල් එක් ලක්‍ෂ අසූතුන්දහසකට කුලියාපිටිය ඇඹව ප‍්‍රදේශයේ ගැණුම්කරුවෙකු විසින් මිලදීගෙන තිබිණි. මිලදී ගැනීමේදී මරාගෙන මැරෙන බෝමබකරු එය නැවත ලියාපදිංචිය ස`දහා ලබාදුන් විවෘත ලිපිලේඛන සමගින් බෝම්බකරුගේ ජාතික හැ`දුනුම්පතේ පිටපතක්ද ලබාදී තිබූ පවසන පොලිසිය එම ලිපි ලේඛනද වැඩිදුර විමර්ශන ස`දහා ර`දවාගත් බව කියයි. ගැණුම්කරු හා මරාගෙන මැරෙන බෝම්බකරු අතර තිබුණේ මොනයම් සම්බන්ධයක්දැයි යන්න පිළිබඳ විමර්ශනය කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකයේ නිලධාරීන් සිදුකරනු ලබයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements