Advertisement

පුපුරන ද්‍රව්‍ය හා සැක කටයුතු ආයුධ පැටවූ වාහන විස්සක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට ආරක්‍ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත වවුනියාවේ විශාල කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් 1 වැනිදා සිට ස්ථාපිත කොට තිබේ.

මෙම මුරපළවල් හතරම දිවා රාත‍්‍රි දෙකෙහිම කි‍්‍රයාත්මක වන අතර වවුනියාව නගරයට ඇතුළු වන සෑම වාහනයක්ම දැඩි පරීක්‍ෂාවට ලක් කරනු ලබයි.

අදාළ සැකකටයුතු වාහන විස්සෙහි අංක හා විස්තර මහජනයා සඳහා ද ප‍්‍රදර්ශනය කොට ඇති අතර ආරක්‍ෂක අංශ ද මුරපළේදී වාහන පරීක්‍ෂා කරනු ලබන්නේ එම වාහනවල විස්තර ඇතුළත් ලේඛනය සමග සසඳා බලමිනි.

වවුනියාව නගරයට ඇතුළු වන හතර දිසාවේම වාහන හා පුද්ගලයන් මෙම මුරපළවලින් පරීක්‍ෂාවට ලක් කෙරෙද්දී තවත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ විශාල පිරිසක් පළාතේ ගම්මානවලට ගොස් නිවෙස් පරීක්‍ෂා කරමින් සිටිති.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements