Advertisement

සයින්දමරුදු ප‍්‍රදේශයේ නිවසක් තුළදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් මියගිය තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇති මොහොමඞ් රිල්වාන්ට අයත් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය රහිත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමග ජංගම දුරකථන දෙකක් සහ ඒ.ටී.එම්. කාඞ් ඇතුළු බැංකු ගිණුම්වලට අදාළ පොත් රැසක් සොයාගෙන තිබේ. 

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කාත්තන්කුඩි පොලිසිය එක්ව ඊයේ (02 වැනිදා) සිදුකළ මෙහෙයුමකදී මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු භාණ්ඩ සොයාගෙන ඇත.

මෙහිදී එම භාණ්ඩ තිබූ නිවසේ සිටි මොහොමඞ් රිල්වාන්ගේ මාමණ්ඩිය සහ නැන්දම්මාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සයින්දමරුදු බෝම්බ පුපුරුවා ගැනීමේදී සහරාන්ගේ සොහොයුරකු වන මොහොමඞ් රිල්වාන් සමග ඔහුගේ බිරිඳ සහ සහරාන්ගේ තවත් සොහොයුරෙකු වන සයින් හෂීම් සහ පියාද මියගොස් තිබුණු බව පොලිසිය හඳුනාගෙන තිබිණි.

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම්ගේ සොහොයුරියකද ඊයේ (02 වැනිදා) පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විස්සක මුදලක්ද පොලිසිය සොයාගෙන තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට සහරාන්ගේ සොයුරියද සම්බන්ධ බවට පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

අයි.එස්.අනුගාමිකයෙක් නිට්ටඹුවේදී මාට්ටු

නිට්ටඹුව පොලිසියට ලද තොරතුරක් මත නිට්ටඹුව කහටෝවිට ප‍්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු සහ ඔහු සතුව තිබූ ඩ්‍රෝන කැමරාවක් සහ ලැප්ටොප් පරිගණකයක් අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසිය සමත්වී ඇත. 

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලැප්ටොප් පරිගණකය තුළ තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන්ගේ දේශනය ඇතුළත් වීඩියෝවක් සහ අයි.එස්. සංවිධානයේ නායක අබුබකර්ගේ ඡුායාරූප ඇතුළත්ව තිබී ඇත. 

වයස අවුරුදු 28 ක් පමණ වන මෙම සැකකරු ඊයේ (02දා) අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් මත අත්තනගල්ල පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් නිට්ටඹුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ධර්මසූරිය මහතාගේ මෙහෙය වීමෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන චතුරංග, කෞෂාන්, පොලිස් කොස්තාපල්වරුන් වන (33412) ධනුෂ්ක, (30335) ප‍්‍රභාත්, පොලිස් කොස්තාපල් රියැදුරු (80682) ශ‍්‍රීමාල් යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements