Featured News

Video Gossip

Advertisement

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලීසිය භාරයේ සිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේමහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හාජා මොහිදීන් අල් උස්මාන් මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු නිරීක්ෂණය සඳහා ජූලි මස 3 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(29) නියම කළේය.

සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී පොලීසිය කරුණු දක්වමින් කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝගයට අනුව මෙම සැකකරුවන් පිරිස පොලිසිය භාරයේ රඳවාගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

පොලීසිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ අධිකරණය සැකකරුවන් ලබන ජූලි මස 3 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ක්‍රියාකරකම් ඇතුළත් සී.ඩී. පට, ප්‍රචාරක ද්‍රව්‍ය සහ තහනම් කඩු ඇතුළු තිවුණු ආයුද සොයාගත් බව පොලීසිය පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements