Featured News

Video Gossip

Advertisement

අනුරාධපුර මහ නගර සභාවේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සහ ඒ ආසන්නයේ ගැවසීමේදී මුස්ලිම් කතුන්ට මුහුණු ආවරණය වනසේ බුර්කාව හා නිකාබය පළදීම තහනම් කිරීමට මහ නගර සභාව ගෙනා යෝජනාවක් මාසික මහ සභාවේදි ඒකමතිකව සම්මතවිය.


රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශවලට හා පොලීසියට සහායදීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සභාව ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අනුරාධපුර මහ නගර සභාවේ පුරපති එච්.පී.සෝමදාස මහතා සඳහන් කළේය.

අනුරාධපුර මහ නගර සභාවේ පුරපතිවරයා ඉදිරිපත්කල යෝජනාව සම්බන්ධයෙන් පාලක පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසයේ සියලු නාගරික මන්ත්‍රීන්ගේ හා මන්ත්‍රීවරියන්ගේ එකගතාව පළවිය.

ඒකමතිකව සම්මතවූ යෝජනාවේ පුරපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සහතික කළ පිටපතක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වරයා යොමුකිරීමට අවශ්‍ය්‍ය පියවර ගන්නා ලෙස පුරපතිවරයා නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට නියම කළේය.

තිසර සමල් එප්පාවල

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements