Advertisement

චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබේ.

ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ක්ෂුයැන් ( Chang Xueyuan) මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

දිවයින පුරා සියලූම පොලිස් ස්ථාන වෙත ජීප් රථයක් ලබාදීමට ගෙන ඇති පියවර යටතේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව චීන රජය විසින් මෙම ජීප් රථ ප්‍රදානය සිදු කොට තිබේ.

ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements