Advertisement

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත්, වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට පසුගියදා (19) ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසිනි.
අනුරාධපුර මහ නගර සභාවේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සහ ඒ ආසන්නයේ ගැවසීමේදී මුස්ලිම් කතුන්ට මුහුණු ආවරණය වනසේ බුර්කාව හා නිකාබය පළදීම තහනම් කිරීමට මහ නගර සභාව ගෙනා යෝජනාවක් මාසික මහ සභාවේදි ඒකමතිකව සම්මතවිය.

මුහුණු ආවරණ තහනම්කරමින්රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කා‍ව,නිකාබයවැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකියැයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් මහතා සඳහන් කළේය.

බොහෝ කාලයක් තිස්සේ මුහුණු වසාගෙන මාර්ගවල ගමන් කළ තමන්ට මුහුණනිරාවරණය කරගෙන යෑම යම් අපහසුවක් දැනෙන්නේයැයි එමකාන්තාවන් පවසන බවද අධ්‍යක්‍ෂවරයා පැවසීය.
මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements