Advertisement

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජිවතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු මෙහිදී අණාවරණය කෙරුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසනවා.

මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරාගෙන මැරෙන ප‍්‍රහාර 8 ක් එල්ල කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම ත‍්‍රස්වාදීන් කණ්ඩායම සතුව බැංකු ගිණුම්, කර්මාන්ත ශාලා, නිවාස, ඉඩකඩම් ඇතුලූ දේපළ රැසක තොරතුරු දැනට හෙළිව ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම දේපළ තහනම් කිරීමේ පරීක්ෂණ නෛතිය ප‍්‍රතිපාදන දෙකක් මත සිදුවන බවත් ත‍්‍රස්තවාදීන්ට මුදල් යැපයීම, මැඩපැවත්වීම් සම්මුතිය පනත සහ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ සිදුවන බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements