Advertisement

මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව පවසමින් IS සංවිධානය නිකුත් කළ වීඩියෝව පටිගත කර ඇත්තේ විදෙස් රටක නොවන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ගල්කිස්සේ පන්සල පාරේ පිහිටි ස්ටෑන් ටවර් හි සුපිරි නිවසක එය පටිගත කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වීඩියෝවේ දැක්වෙන මුහුණු ආවරණය කරගත් පිරිස අතරින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ සුළු පිරිසක් බවද හෙළිව තිබෙනවා.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සඳහා නායකත්වය ලබාදුන් සහරාන්ගේ ෆේස්බුක් ගිණුම් ප්‍රහාරයට පෙර ෆේස්බුක් සමගම විසින් අත්හිටුවා තිබූ බව වාර්තා වනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර විසින් කරනු ලැබූ දැනුම් දීමකට අනුව ෆේස්බුක් සමගම එම ගිණුම එලෙස අත්හිටුවා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයට ලක්වූ ඉන්දීය බුද්ධි අංශ මගින් ලබාදුන් පණිවිඩය පොලිස්පතිවරයා මගින් ලිපියක් ලෙස සියතට ලැබී පැය 24ක් යන්නටත් මත්තෙන් ඔහු සහරාන් අන්තවාදය පතුරවමින් සිටි ෆේස්බුක් ගිණුමද අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

 ඉකුත් 10 වැනිදායි.


සහරාන්ගේ ෆේස්බුක් ගිණූම්  සමාගම විසින් අත්හිටුවලා
සහරාන් එක් ෆේස්බුක් ගිණුමක් පමණක් පවත්වාගෙන ගිය අයෙක් නොවූ අතර ඔහුගේ තවත් ෆේස්බුක් ගිණුමක් ඉකුත් දෙසැම්බරයේදීද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්හිටුවා තිබෙනවා.

ෆේස්බුක් මඟින් ඔහු අන්තවාදය පැතිරවීම මුල් කරගනිමින් ආගම් අතර සහජීවනය බිඳවට්ටන බවට ඉකුත් වසරේ ජනවාරියේදී ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමක්ද කර තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහිව වරෙන්තුවක්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ලබාගෙන තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements