Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


වත්මන් ග‍්‍රහ ගෝචරය අනුව ග‍්‍රහ ලොව සෙන්පති හෙවත් පුරුෂ කාරක අඟහරු ග‍්‍රහයා පසුගිය මස 22 වන දින සිට වෘෂභ රාශිය තුළ ගමන් ගත් අතර, එම කුජ ග‍්‍රහ තාරකාව මැයි මස 07 වන කූජ දින පෙ.ව 06.53 ට බුධ ට අයත් මිථුන රාශියට පිවිසුණි. එසේම මැයි 08 හා 18 ග‍්‍රහ යුද්ධයන්ගෙන් බුධ හා සිකුරු පරාජයට පත්විය. මෙම ග‍්‍රහ තත්ත්වය හේතුවෙන් මැයි 07 ත් ජුනි 22 ත් අතර කාලය තුළ නායයෑම්, භූමි කම්පා, සුළි සුළං තත්ත්ව, රිය අනතුරු, හදිසි අනතුරු තත්ත්වයන්, හේතුවෙන් මිනිස් ජීවිත හානි වීම් මෙන්ම ගුවන් යානා අනතුරු ඇති වීමේ අවදානමක් ඇත. පොදුවේ ගත් කල මෙම ග‍්‍රහ ගෝචරය අප රටට මෙන්ම ලෝකයට අපල හා පීඩාකාරී තත්වයන් උදා කරනු ඇත. මුළු භූමි තලයටම අපල කාලයකි. ජනතාවට යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාලයක් වනු ඇත.

මෙම ග‍්‍රහ තත්ත්වය හේතුවෙන් වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට මධ්‍යස්ථ ප‍්‍රතිඵල උදා වන අතර මේෂ, කටක, තුලා, මකර, කුම්භ හා මීන යන ලග්නවලට තරමක් අසුබ ඵල ද උදා වනු ඇත. 

කුම්භ ලග්න කේන්ද්‍රය හිමි අප රට දෙස අවධානය යොමු කිරීමේදී මෙම කාලය තුළ 10 වැන්නේ ගුරු වක‍්‍රවත් 11 වැන්නේ ශනි වක‍්‍රවත් කුජ ගේ 5 වැන්නේ සතුරු බලපෑමත්, ශනි හා කේතුගේ හා කුජ හා රාහුගේ බලපෑමත් හේතුවෙන් ඉදිරි මාස 2 කට ආසන්න කාලය තුළ අප රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම යම් බාධාකාරී කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. මහජනතාවට යම් යම් අසහනකාරී තත්ත්වයන්ට ලක්වීමට සිදුවන කාලයකි. ස්වාභාවික විපත් බහුලවම සිදු වන කාලයකි. ගංවතුර, නායයෑම්, භූමිකම්පා, සුළිසුළං තත්ත්ව මුහුදු විපත්, හදිසි අනතුරු කැපීපෙනෙන ලෙස වර්ධනය වන කාලයකි. ජනතාවගේ මානසික සෞම්‍යතාවය බිඳ වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් වසංගත රෝග, ප‍්‍රචණ්ඩත්වය හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්ෂේත‍්‍රයේ හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලූ හා ප‍්‍රශ්න බහුල වන කාලයකි. උසස් ප‍්‍රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට අපල දායකය. විශේෂයෙන්ම අප රටේ ගව සම්පතට අපලදායක වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලූ හා කරදර ඇති වනු ඇත. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ක‍්‍රියාත්මක වනු ඇත. රථවාහන අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක් සිදුවනු ඇත. ආහාරපානවල මිල ඉහළ යනු ඇත. 

මෙම අපල තත්ත්වයන්ගෙන් මිදීමට ආගමික ස්ථාන තුළ ආගමික වතාවත්වල යෙදීමත් අකුසල් උපදවන කටයුතුවලින් ඈත්ව කුසල් ජනිත වන කටයුතුවල නිරත වීමත්, ධාර්මික ජීවිත ගත කිරීමත් ඉරිදා, අඟහරුවාදා හා ශනිදා යන දිනවල බෝධි පූජා පවත්වා එම පින් විෂ්ණු, කතරගම, පත්තිනි ශිව (ඊශ්වර* දෙවියන්ට අනුමෝදන් කිරීමත් ඉතාමත් සුබදායක වනු ඇත.

මේෂ 

අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමට මෙම කාලය සුබයි. දරුවන්ගේ ප‍්‍රශ්න හා ඒ සම්බන්ධ කටයුතුවල දී දැඩි අර්බුධකාරී තත්ව ඇති වනු ඇත. තරග විභාගවලින් ජය හිමිවන කාලයකි. නඩු හබවලින් ජය ගත හැකිය. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. මංගල කටයුතු සඳහා මෙම කාල සීමාව යම් පමණක යහපත් කාලයකි.

වෘෂභ

ඈත පළාත්වලට යෑමට සිදු වන අතර නිකරුණේ ගමන් බිමන් යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණධර්ම හීන වන කාලයකි. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයින්ට අසුභ වෙයි.

මිථුන

ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලූතින් අරඹන කටයුුතු නම් මේ කාලයේ අසාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

කටක

ධන හානි ඇතිවන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ 

ගමන්වලට එක් විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇති වන අතර, තම 

සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමට ද හැකිය. නමුත්් එයින් ප‍්‍රබල ගැටලූ මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය. 

සිංහ 

හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. එසේම ඔබ මෙම කාලයේ නොබියව ඉදිරියට යන කාල සීමාවකි. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. තනතුරු ලාභ හා උසස්වීම් හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වේ. වෙනදාට වඩා වෙහෙස වී වැඩකිරීමට සිදුවේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක් හිමිවීමට හැකිය. ආගම දහමට සිත යොමුවේ. ලොතරැුයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාව ද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත.

කන්‍යා

මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට ට අපලතාවක් පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත. ඔබගේ ජනප‍්‍රියතාව ඉහල යන කාලයකි.

තුලා

හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැඛීමට හැකිය. මුත‍්‍රා අමාරු හෝ සෙම්රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායකවේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහජීවිතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත.

වෘශ්චික

දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැුකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇති විය හැකිය. සමාජයේ පිළිගැනීම නැති වන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධා ද ඇති විය හැකියි. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. රෙදි පිළි හා වස්තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර මෙම කාලයේදී ප‍්‍රනීත රසමුසු ආහාර ද එතරම් නොලැබීමේ හැකියාව පවතී. නමුත් ඔබට ලොතරැුයි වාසනාව හිමිය.

ධනු 

ඇස් රෝග හා මුත‍්‍රා අමාරු ඇති විය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප‍්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ. 

මකර 

සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැුකියාවල නිරතවන්නන්ට අසුබ දායකය. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැුකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම් ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. රැුකියා අංශ තුළ කලකිරීම් ඇති වන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය.

කුම්භ 

ඔබට මෙම කාලය සුබ ඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. ගේ දොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහල යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ.

මීන 

මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැති විය හැකිය. ඥාතීන් සමග මතබේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තියෙනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා හා අතුරු දශා, ග‍්‍රහයන් උප්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ජ්‍යොතිෂවේදී
බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook