Advertisement


ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.

එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.


සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය ෂාෆිට එරෙහිව ලැබෙන පැමිණිලි ඉහළට

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27) සවස් වනවිට කාන්තාවන් 45 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර තිබූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.

කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර , අඹන්පොළ , පොල්ගහවෙල , පොල්පිතිගම , හිරිපිටිය , රිදීගම ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

මේ හේතුවෙන් රෝහල තුළ අධික තදබදයක්ද ඇතිවී තිබෙන ආකාරයක් දැකගත හැකිවිය.මාධ්‍ය මගින් දැනුම්වත් කිරීම හේතුවෙන් සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කිරීමට කාන්තාවෝ රෝහලට පැමිණෙමින් සිටිති.

ඔවුන් හැඬූ කඳුළින් තම පැමිණිලි ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ අතර ඔවුහු ඒ සඳහා සාක්ෂි සටහන් ලෙස ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු සඳහන් රෝග විනිශ්චය කාඩ්පත්ද ඉදිරිපත් කළහ.

කාන්තාවන් කීපදෙනෙක්ම එම වෛද්‍යවරයා අතින් සිසේරියන් සැත්කම් වලට භාජනය වීමෙන් පසුව දරුවන් නොලැබීම මෙන්ම වෙනත් ශාරීරික අතුරු ආබාධ වලට තමන් ගොදුරුවී සිටින බවට හඬා වැටෙම්න් ප්‍රකාශ කළහ.

මෙම පැමිණිලි වලදී විශේෂ අවධානයක් යොමුවූයේ ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමට ලක්කිරීමෙන් පසුව සම්පුර්ණයෙන්ම අන්ධ භාවයට පත්වූ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තරුණ කාන්තාවක් සම්බන්ධයෙන්ය.

ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 2010 වසරේදී තමන්ට සිසේරියන් සැත්කම කළ බවද එම සැත්කමට පෙර "වෙල්කම් ඩ්‍රින්ක් " එකක් බව පවසමින් ඉතාම තිත්ත රසැති කොළ පැහැයෙන් යුත් බීමක් තමන්ට බීමට දුන් බවද ඇය ප්‍රකාශ කළාය .

එම බීමෙන් අනතුරුව තමන්ට වසර තුනක් යනවිට තම දෑසම සම්පුර්ණයෙන්ම නොපෙනී ගිය බවද වෛද්‍ය පරීක්ෂණ වලින් පවා මේ වනතෙක් ඊට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව කියන ඇය දෑස් නොපෙනීමට සහ ඉන් පසුව තමන්ට දරුඵල නොලැබීමට හේතුව ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා බවට සැකකරන බවද සඳහන් කළාය.

මෙසේ පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් සියලුම දෙනා තරුණ වයසේ පසුවන එක් දරුවෙකු පමණක් සිටින මව්වරුන් වූ අතර ඔවුන් සියලුම දෙනා තම සැත්කම් වලට අදාල වෛද්‍ය වාර්තාද රැගෙනවිත් සිටියහ.

මෙසේ පැමිණිලි ඉදිරිපත් කරන පිරිස තවත් ඉහළ යා හැකි බවද එම පැමිණිලි සියල්ලම බාර ගැනීම සඳහා උසස් නිලධාරිනියකගෙන් සමන්විත නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවද රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements