Advertisement

වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස හැදින්වෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ඉකුත් මස 7 වෙනි ඉරු දින උදැසන ඇතුල්විමට උත්සහ කල දෙදෙනෙකු සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සුදු ඇදුමින් සැරසුනු දෙදෙනෙකු හිස් වැසුම් සහිතව එදින උදැසන 7 ට පමණ පැමිණ දෙවස්ථානය නැරඹිමට අවශ්‍යය බවත්, දේවස්ථානය තුලට හිස්වැසුම පැළද ඇතුල් විය හැකිය යන්න එම දේවස්ථානයේ සේවය කරන සේවකයෙකුගෙන් විමසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සේවකයා විසින් හිස්වැසුම පැළඳ දේවස්ථානය තුල ඇතුල් විමට නොහැකි බව දැනුම් දිමේ පසු එම සැකකරුවන් දෙදෙනා දේවස්ථාන භුමියෙන් පිටව ගොස් තිබෙනවා.

ඉරිදා දේව මෙහෙයන්ට වතුකරයේ විශාල කිතුනු බැතිමතුන් පිරිසක් එම දේවස්ථානයේ සිංහලින් සහ දමිල බසින් පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහභාගි වනවා.

21 දින පස්කු ඉරුදින සිදු කල ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමග හැටන් ශ්‍රි කුරුස දේවස්ථාන වෙත පැමිණි සැකකරුවන් දෙදෙනා පිලිබදව සැකසිති එම කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් වන නිව්මන් පිරිස් පියතුමන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර එම සැකකරුවන් දේවස්ථාන භුමියට පැමිණ විපරම් කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබු දර්ශනද පොලිසිය වෙත භාර දි තිබෙනවා..

අංශ කිහිපයක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පරික්ෂණ ආරම්භ කර ඇති අතර එම දේවස්ථානයට මේ වන විට දැඩි ආරක්ෂාවක් ලබා දි තිබෙනවා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements