Advertisement

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තාවනවා.

පියල් නිශාන්ත මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ සමන්තුරේ ප්‍රදේශයේදී පසුගියදා ඇති වූ ගැටුමෙන් හමුදා නිලධාරීන් 11දෙනෙකු මියගිය බවට මාධ්‍යයට ප්‍රකාශ කිරීමයි.

අදාළ කමිටුවේ අතුරු වාර්තාව ඊයේ ජනාධිපතිවරයාට ලැබුනු බව අද පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේය.

ඒ අනුව එම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාව මත ආරක්ෂක අමාත්‍යංශයේ හා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාරගෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගියදා ඉල්ලා අස්වූ අතර පොලිස්පති පූජිත ජයසුන්දරට ද ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන්නද ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්නොවීම නිසා ජයසුන්දර මහතා අනිවාර්්‍යය නිවාඩු යැවීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements