Advertisement

නැඟනහිර පළාතේ ආණ්ඩුකාර එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා මඩකලපුව මධ්‍යම අධ්‍යාපන කලාපය තුළ පිහිටි නව පාසල් කිහිපයක් ම තමාගේ නමින් මෙන්ම තම බිරිඳ, පියා, මව සහ පුත‍්‍රයාගේ නමින් නම් කර ගෙන ඇත.

ඒ අනුව එම කලාපය තුළ මේ වන විට පාසල් 61 ක් පවතින අතර අලූතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති පාසල් කිහිපයක් ම සිය පවුලේ සාමාජිකයන්ගේ නමින් නම් කිරීම සිදුකර ඇති අතර, ඊට අමතරව නියෝජ්‍ය ඇමැති අමීර් අලි, බෂීර් සේගුඩාවුඞ් යන දේශපාලනඥයන්ගේ නම් වලින් ද පාසල් කිහිපයක් ම නම් කර තිබේ.

හිස්බුල්ලා මහතාගේ පියා වන මහමුද් අලීම්, මව වන ෆාතිමා, පුත‍්‍රයා වන අහමඞ් හිරුෂ් යන අයගේ නම්වලින් පාසල් නම් කර තිබීම විශේෂත්වයක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කීය.

ඒ අනුව කාත්තන්කුඩි ෆාතිමා බාලිකා විද්‍යාලය මව නමින්ද, කාත්තන්කුඩි මහමුද් අලීම් විiාල පියා නමින් ද නම් කර ඇත. ඊට අමතරව හිස්බුල්ලා මහතාගේ නමින් පාසල් කිහිපයක් ම නම් කර තිබේ.

ඒ මහතා ආචාර්ය උපාධිය ලබාගත් පසුව එක්් පාසලක් ආචාර්ය හිස්බුල්ලා ලෙසද නම් කර ඇති අතර ජයන්තියාය අහමඞ් හිරුස් විiාලය ලෙස සිය පුත‍්‍රයාගේ නමින් ද පාසලක් නම් කර ඇත.

අකිත පෙරේරා - divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements