Featured News

Video Gossip

Advertisement


මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි ගමේ ජනතාවට අවශ්‍යව තිබූ ට්‍රැක්ටර් රථයක් ඇතුළු ගොවිතැන සඳහා අවශ්‍ය උපකරණ රැසක් ලසිත් මාලිංග විසින් එම පන්සලට පරිත්‍යාග කර තිබෙනවා.

යුටියුබ් ඔස්සේ ප්‍රචාරය වූ සංවාදයක් අතරතුර ඒ පිළිබඳව තොරතුරු දැනගෙන මාලිංග විසින් එම ස්වාමීන් වහන්සේ අමතා අවශ්‍ය ට්‍රැක්ටරය හා ආම්පන්න ලබාදීමට කටයුතු කර තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 28ක් පමණ වන අතර මේ පිළිබඳව අප මාලිංගගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ මෙවන් කටයුතු ප්‍රසිද්ධියේ සිදුකර ප්‍රසාදය ලබාගන්නවාට වඩා හැකි අවස්ථාවේ මිනිස්සුන්ට උපකාරී වීම සතුටුදායක බවයි.

මේ ඔහු අප හමුවේ ඒ පිළිබඳව පැවසූ අයුරුයි….

”මඩකලපුවේ මංගලාරාම පන්සලේ හාමුදුරුවෝ දවසක් වැඩසටහනකදි ගමේ මිනිස්සුන්ට වැඩ කරන්න ට්‍රැක්ටර් නෑ කියලා කියනවා මම දැක්කා. මම හාමුදුරුවොන්ගේ නම්බර් එක යාලුවෙකුගෙන් හොයාගෙන කෝල් කරලා ඒ ගැන හොයලා බැලුවා. IPL ඉවරවෙලා ලංකාවට ආවට පස්සේ ඕනි කරන බඩු ටික මම අරන් දුන්නා. ලක්ෂ 28ක් වගේ ගාණක් ගියේ.

අද ඔයාලා කෝල් කරලා අහනකම් මේ ගැන මම කාටවත් කීවේ නෑ. මේවා පත්තරවල, ටීවීවල දාලා ලෝකෙට ප්‍රසිද්ධියේ කරන්න ඕනි දේවල් නෙවෙයි. උදව් කරන්න පුලුවන් කාලෙදි අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕනි”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements