Featured News

Video Gossip

Advertisement


අධි ආරක්‍ෂිත නිවාස සහ භූගත බංකර් තුල රැදී සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් නව මිසයිලයක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කර සිටිනවා. එය R9X හෙවත් " 'flying Ginsu" නමින් මෙම නව මිසයිලය හැදින්වීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


අමෙරිකාවේ ප්‍රධානතම බුද්ධි අංශය වන CIA සංවිධානය සහ පෙන්ටගනය විසින් මෙම මිසයිලය නිපදවා ඇත්තේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් සිදුකරනු ලබන ඩ්‍රෝන් ප්‍රහාරයන් හිදී සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කර ගැනීමේ අරමුණින් බව සදහන්.




හඳුනාගත් ඉලක්කය වෙත මෙම මිසයිලය මුදා හැරීමෙන් පසුව අදාළ ඉලක්කය රැඳී සිටින්නේ ඝණ කොන්ක්‍රීට් තට්ටුවක් යටද, ලෝහමය ආවරණයකින් යුත් වාහනයක් තුල හෝ ආරක්‍ෂිත නිවාසයක් තුලද යන්න අදාළ වන්නේ නැහැ. මෙම මිසයිලයේ තිබෙන දැති 06 කින් යුත් විශේෂිත තලයෙන් ඉහත සදහන් සියළුම බාධක කපා ගෙන අදාළ ඉලක්කය වෙත ගමන් කිරීමට හැකි. මෙය කිමිදුම් බෝම්බයක් කිව්වොත් වඩාත් නිවැරදි" මෙම මිසයිලය සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුධ උපකරණ විශේෂඥයෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.



අමෙරිකාව විසින් මෙම මිසයිලය පළමු වරට 2017 වසරේදී ප්‍රහාරයක් සදහා අත්හදා බලා ඇති බව සදහන්. ඒ අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයෙක් වන අබු කයර් අල් මස්රි ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඔහු බිම් මහලක් තුල නතර කොට තිබු වාහනයකදී මියගොස් තිබු අයුරු ඒ වන විට කාටත් ප්‍රහේලිකාවක් වුවා. නමුත් ඒ මෙම R9X හෙවත් " 'flying Ginsu" මිසයිලය භාවිතා කරමින් CIA සංවිධානය විසින් සිදුකරනු ලැබූ පළමු ඩ්‍රෝන ප්‍රහාරය බවට මේ වන විට කරුණු තහවුරු වී තිබෙනවා.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements