බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉකුත්දා ඥානසාර හිමි පිළිබඳව විස්තර බන්ධනාගාර අමාත්‍යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන තිබිණි.
ඊයේ (22) ඥාකසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලියකියවිලි සඳහා ජනාධිපතිවරයා අත්සන් කර ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
ඉකුත් 18 වැනිදා වෙසක් පෝදා සිරකරුවන් 762කට වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති පොදු සමාව ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර හිමි හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරකද යෙදී තිබුණි.
අධිකරණයට අපහාස කිරීම ඇතුලුව චෝදනා හතරකට වරදකරු කර තිබූ උන්වහන්සේට බරපතල වැඩ සහිතව වසර 19ක සිරදඬුවමක් නියම වූ අතර එය වසර හයකින් ගෙවීයන පරිදි ලිහිල් විය.
2018 අගෝස්තු 18 වැනි දා උන්වහන්සේට මෙම සිරදඬුවම නියම විය.

