Featured News

Video Gossip

Advertisement


රජය සහ රාජ්‍ය නායකයා විවේචනය කරනවිට “කේන්ති ගෙන මිනිස්සු නොමරන මිනිහෙක්”, සුදුසු පුද්ගලයෙක් ඉදිරි ජනාධිපති වරණයට ඉදිරිපත් කළ යුතු යැයි මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කරයි.

පැවති ත්‍රස්තවාදී තර්ජනය ක්‍රමක්‍රමයෙන් පහව යමින් පවතින මේ මොහොතේ නැවතත් විවිද දේශපාලන කණ්ඩායම් තුළින් ජනාධිපතිවරණය සම්බන්ද කතා බහක් මතු වෙමින් තිබේ. ඒ අනුව මාධ්‍ය සමග පැවති විශේෂ සංවාදයකදී කුමාර වෙල්ගම මහතා උක්ත ප්‍රකාශය කර තිබේ.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන්නැයි තමන් වෙත යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම යෝජනාව භාරගන්නා බවද එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කර ඇත.

එහිදී ඔහු ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ… “සුදුසු පුද්ගලයෙක් දාන්න ඕනේ. රජය සහ රාජ්‍ය නායකයා විවේචනය කරනකොට කේන්ති අරං.. මිනිස්සු නොමරන මිනිහෙක් දාන්න ඕනේ. ඒ වගේම මේ මොහොතේ රටේ සිටින සුදුසුම කෙනා කාදිනල් හිමියන් කියලයි මම නම් හිතන්නේ. උන් වහන්සේ මේ දිනවල ඉතාම ජනප්‍රිය චරිතයක්” යනුවෙනි.

රිෂාඩ්ට එරෙහි විෂ්වභංගය TNA සහාය නැතුව දිනන්න බැහැ

මෙහිදී මහින්ද පිල විසින් විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෙල්ගම මහතා සදහන් කර ඇත්තේ “ජවිපෙයි ඒකාබද්ධ විපක්ෂයයි එකතු වෙලා මේක දිනන්න බැහැ. අපි ඇත්ත කතා කරමුකෝ. TNA සහයෝගය නැතුව බැහැ. මහින්ද මහත්තයා අගමැතිකමේ ඉන්නකොට අපිට 113 පෙන්නන්න බැරි වුණානේ. ” යනුවෙනි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි අදාළ විශ්වාසභංග යෝජනාවටත් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයටත් පෞද්ගලිකව තමන් සහය දක්වන බවද කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements