Featured News

Video Gossip

Advertisement


පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙකට ගොසිප් මවන කෙනෙක් කිව්වොත් හරි. සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි ගොඩක් වෙලාවට කරන කියන දේවල් මේ විදියට ගොඩක් අයගේ කතා බහට ලක්වෙන්න හේතුවක් වෙලා තියනවා. ඔන්න  ආපහු පාරක් පියුමි එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරපු පින්තූරයක් අද වෙනකොට ගොඩක් අය කතාකරන්න පටන් අරගෙන. පින්තූරෙටත් වඩා ඊට යටින් ලියලා තියන වචන ටික තමයි හොඳ කියලා තමයි ඒක දැකපු ගොඩක් අය කියන්නේ.
පියුමි මේ විදිහට දාලා තිබුනේ වෙන කාගෙවත් පින්තූරයක් නෙමෙයි. මේ දවස්වල සමාජ මාධ්‍ය ඇතුලේ ජනප්‍රියම කෙනාගේ පින්තූරයක් කිව්වොත් හරි. ඒ වෙන කව්රුවත් නෙමෙයි මේජර් සුරංග රණසිංහ. මේ දවස්වල රටේ පවතින විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලත් එක්ක එක තැනකදි කැමරාවකට හසුවෙලා තිබුන මේ මේජර් සුරංග රණසිංහගේ පින්තුර ටික හිතපු නැති විදිහට සමාජ මාධ්‍ය පුරා පැතිරිලා තිබුනා. ඒ තියෙන ප්‍රතාපවත් පෙනුම ගාම්භීරත්වය අපේ කම රණවිරුවන් ගැන අපේ හිත්වල තියන ආදරය තව තවත් වැඩි කලා කිව්වොත් හරි. කොහොම වුනත් ගෑනු ළමයි බොහොමයක් දෙනාගේ හිත් හොරකන් කරන්න මෙතුමාට ලොකු වෙලාවක් ගියේ නෑ කියලානම් කියන්නම ඕන. ඔන්න ඔය කියපු ගෑණු ළමයි අතරේ පියුමිගේ හිතත් තිබිලා තියනවා කියලා අපිට හිතෙන්න පටන් ගන්නේ අර කියපු පියුමිගේ පෝස්ට් එක දැක්කට පස්සෙයි. මේජර් සුරංග රණසිංහට වහ වැටුනු ගෑනු ළමයින්ට දැනගන්නත් එක්ක එතුමන් ගැන තවත් විස්තර අපි ඉදිරියට කියන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements