Advertisement

ඊයේ (12) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා කුලියාපිටිය, බිංගිරිය සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශයන්ටවල නොසන්සුන් සහ කලබලකාරී ස්වරූපයක් ගෙන තිබු අතර කුලියාපිටිය මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳ ස්ථාන ගණනාවකට පහරදීම් සිදු කර තිබේ.

කරන්තිප්පල ප්‍රදේශයේ මෝටර් බයිසිකල් හිස්වැසුම් සහ මෝටර් බයිසිකල් අමතර කොටස් විකුණන කඩසාප්පුවකට සහ හෝටලයකට යම් පහර දීමක් සිදුව ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.

කුලියාපිටිය පොලිසිය අවට රැස්ව පිරිසක් විරෝධතාවයේද නිරතව ඇත.

මේ හේතුව නිසා කුලියාපිටිය ප්‍රදේශයේ හමුදාව සහ පොලීසිය එක්ව ආරක්ෂාව තර කර ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයටත් ‍අද(13) උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවු බවයි.

මේ අතර හලාවත නගරයට ද අද අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබින.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements