Featured News

Video Gossip

Advertisement


මාතර හම්බන්තොට දැනට ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ 39 සහ 40 කිලෝමීටර් කනුව අසළ ආරක්ෂිත වැටක් කපා එහි කම්බි සහ තහඩු හොරකම් කිරීම පිළිබඳව වීරකැටිය පොලිසිට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් එක් පුද්ගලයෙකු වීරකැටිය ප්‍රාදේශීය සභාවට 2018 වසරේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකි. එමෙන්ම ඔහු බැදිගම කොට්ඨාශයේ සංවිධායවරයාද වේ.

මොහොට්ටිගේ ප්‍රදීප් කුමාර නම් එම පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අදාළ ආරක්ෂිත වැටේ කොටස් අගුණුකොළපෑලැස්ස ප්‍රදේශයේ කඩයක තිබි සොයාගෙන ඇත.

එහිදී ලක්ෂ 20කට වඩා වටිනාකමින් යුත් යකඩ තහඩු 51ක් හමුව ඇත.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements