Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන සැප්තැම්බර් 06 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත එජාප 71 වැනි මහ සම්මේලනයේදී සිදුකෙරෙනු ඇතැයි සිරිකොත එජාප මූලස්ථාන ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.


මෙවර ජනාධිපතිවරණය සඳහා එජාපයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට පක්ෂය තුළින් දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි පැවැසූ එම ප්‍රකාශකයා මේ දිනවල ඒ පිළිබඳ පක්ෂය. තුළ සාකච්ඡා සිදුකෙරෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් ඒ අතර සඳහන් වන බවද පැවැසුවේය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා පූර්ව සූදානමක් ලෙස උතුරු නැඟෙනහිර සෙසු පළාත්වල සංවිධාන කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කබීර් හෂීම්, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් ඇතුළු ඇමැතිවරුන් පිරිසකට පවරා ඇතැයිද දැනගන්නට තිබේ.

මේවන විට ලැබෙන ආරංචිමාර්ග අනුව නායක රනිල් හෝ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා අතරින් කෙනෙකු එජාප ජනාදිපති අපේක්ෂකයා වේ යැයි එම ආරංචිමාර්ගවල තවදුරටත් කියැවිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements