ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙම මස පළමුවැනිදා සිට ඔහු ධුරයෙන් ඉවත්ව ඇති අතර සෞඛ්‍ය හේතුවක් මත සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බව ඉල්ලා අස්වීමේ ලිබියෙහි දැක්වේ.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස් මහතා පසුගිය 29වන දා සාක්ෂි ද ලබා දුන්නේ ය.
මෙන්ඩිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්ය පොලිස්පති ලෙස සේවය කර ඇති අතර 2008 සිට 2009 දක්වා ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත

