Advertisement

නුවන් ප්‍රදීප් ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 32.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණයි.

හුදකලා සටනක නිරත වෙමින් පන්දු 56 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළ Najibullah Zadran දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දිමුත් කරුණාරත්න සමත්වීමත් සමගින් ජයග්‍රහණයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට හිමිවුණා.

නුවන් ප්‍රදීප් සිය එක්දින දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කරමින් කඩුළු 4ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට රැගෙන ඒමට සමත්වුණා.

මැදපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට ඕවර 36.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201 ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් තරගය පැය 2 1/2 ක පමණ කාලයක් නතර කිරීමට සිදුවූ අතර එක් පිලකින් ඕවර 9 බැගින් අඩුකිරීමට විනිසුරුවන්ට සිදුවුණා.

තරගයේදී එක්දින ලකුණු 3000 සීමාව පසුකළ ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම කළ 16 වැනි පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්වුනා.

තරඟයේ වීරයා නුවන් ප්‍රදීප්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements