Advertisement


අමෙරිකා – බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික සබදතාවන්ට වසර සියයක් සපුරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ. සිව් දින නිල සංචාරයක් සදහා අමෙරිකා ජනාධිපතිවරයා මෙසේ බ්‍රිතාන්‍යයට පැමිණියේය. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව බොහෝ දෙනා විරෝධතාවන් හි නියලී සිටි බවද වාර්තා වේ. කෙසේ නමුත් අමෙරිකා ජනාධිපතිවරයා රතු පලස් මතින් පිළිගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ කටයුතු කළේය.

බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බකිංහැම් මාළිඟයේදී ඊයේ මහරැජිණ විසින් පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වුණා. එහිදී ඔහු සඳහන් කළේ ලෝකයේ සුරක්ෂිතතාව සහ සශ්‍රීකත්වය උදෙසා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය දශක ගණනාවක් තිස්සේ කටයුතු කර ඇති බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයේ එක් පියවරක් වන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට මුල් වූ ඉතිහාසයේ දැවැන්තම නාවික මෙහෙයුම ලෙස සැලකෙන ප්‍රංශයේ නෝමැන්ඩි වෙත මිත්‍ර හමුදා ගොඩබැසීමේ 75 වන සමරුවට එක්වීමයි.

එවැනි අඳුරු යුගයක් නැවත ඇති නොවීමට කටයුතු කළ යුතු බව මහරැජිණ ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී සඳහන් කළා. එම අවස්ථාවට චාල්ස් කුමරු, විලියම් කුමරු, කේට් කුමරිය ඇතුළු රාජකීයන් සියල්ලන්ම පාහේ එක්වුවද ඇමරිකානු සම්භවයක් සහිත ප්‍රථම රජ කුමරිය වූ මේගන් මාකල් එක්වූයේ නැහැ.


එහෙත් ඒ, ජනපති ට්‍රම්ප් ඇය නපුරු කාන්තාවක ලෙස හැදින්වීම නිසා නොවන බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය සදහන් කළේ. පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී මේගන් මාකල් ජනපති ට්‍රම්ප් දැඩි සේ විවේචනය කර තිබුණා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements