Advertisement

ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමදාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සිකුරාදා (31) දින පස්වරුවේ 
වාද්දුව ‘ලායා බීච්’ හෝටලයේදී එක්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා

 යුද්ධ හමුදා නිලධාරීන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ සෙසුනිළයින් විශාල පිරිසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් ආගමික සංගමයේ සම්බන්ධීකරණයෙන් පසුගිය වසර කිහිපය පුරා යුද්ධ හමුදාව විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි.

ඉෆ්තාර්’ ආගමික චාරිත්‍රයන් ඉටුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් ටී.එස් බන්සජායා එක්ව සුදානම් කර තිබූ භෝජන සංග්‍රහයට සහභාගීවීමෙන් චාරිත්‍රානුකූලව එම පිළිවෙත් අනුගමනය කරන ලදි.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා සහභාගී වූ මෞලවිවරුන් වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුකරනු ලැබීය.
විශේශ කාර්‍ය බලකායේ ප්‍රාධානී ලතීෆ් මහතා ඇතුලු ඉහල නිලතල දරන මැලේ රනවිරුවන් රැසක් සහභාගි වී සිටියහ.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements