Advertisement

ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ගෙන් ඊයේ (02) රාත්‍රී කර තිබූ ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ජනපතිවරයා මේ අවස්ථාවේ මුහුණදී ඇති තත්ත්වය තේරුම් ගත හැකි බව ඔවුන් දෙදෙනාම පවසා ඇති අතර අවශ්‍ය නම් තනතුරුවලින් ඉවත් කරන ලෙස ද දන්වා ඇතැයි වාර්තා වේ.

පුජ්‍ය රතන හිමියන්ගේ උපවාසය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලවත් අසීරුතාවයකට පත්ව සිටින හෙයින් තාවකාලිකව හෝ ආණ්ඩුකාර තනතුරු වලින් ඉවත්වන්නැයි ජනාධිපතිවරයාගේ නියෝජිතයින් කිහිප දෙනෙකුම ඊයේ දිනයේ කිහිප අවස්ථාවකදීම ඔවුන් දෙදෙනා ගෙන් ඉල්ලා ඇතත්, ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනේ ජනාධිපතිවරයා තමන්ගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බව පවසමිනි.

ආණ්ඩුකාර හිස්බුල්ලහ් මහතා ඊයේ (02) රාත්‍රී 7.00ට පමණ ජනාධිපතිවරයා හමුවී සාකච්ජාවක් පවත්වා ඇති අතර එහිදී හෝ තමාට ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව හිස්බුල්ලාහ් දමිළ මාධ්‍යට පවසා තිබේ.

කෙසේවුවද, ජනාධිපතිවරයා ඔවුන්ට ඉල්ලා අස්වන්නැයි ඉල්ලීමක් කර තිබුනේ ඉන් අනතුරුව බව පැවසේ.

ජනාධිපතිවරයාගේ දැනුම් දීමෙන් අනතුරුව හිස්බුල්ලහ් මහතා, ආසද් සාලි මහතාගේ නිවසට ගොස් වත්මන් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වේලාවක් සාකච්ජා පවත්වා ඇති අතර මොනයම්ම තත්වයක් යටතේ හෝ ඉල්ලා අස්නොවිමට එම අවස්ථාවේදී තීරණය කර ඇතැයි පැවසේ.

මේ අතර, ජනපති අද පස්වරුවේ දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක නිරත රතන හිමියන් බැහැ දැකීමට යාමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.

හිස්බුල්ලාහ් අස්කළේ දකුණේ ආණ්ඩුකාරයා?

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විම සදහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බවට යම් තොරතුරුක් ගොසිප්99 අප වෙත ලැබුන තොරතුරක් අනුව වාර්තා කලා .එම පැතිර ගිය පුවතත අසත්‍ය එකක් බව මේවන විට ගොසිප්99 වෙත වාර්තා වේ.

මේ පුවතට හේතුවී ඇත්තේ දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් බව වාර්තා වේ.

එම සටහන් පහත දැක්වේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements