Featured News

Video Gossip

Advertisement

මාවනැල්ල සහ අවට පෙදෙස්වල බුදුපිළිමවලට හානි කීරීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා නීතිඥවරුන්ට ගෙවීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් ජාතීක නව්හීද් ජමාන් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් සැකකාර රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිමි නමැති මවුලවිවරයාට ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතාට පසුුුුගියදා  (13) දැනුම් දුන්නේය.

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සම්පූර්ණ මෙහෙයවීම මොහොමඩ් සහරාන් විසින් සිදුකර ඇති බවත්,

''උඹලා ගහලා මා ළගට වරෙල්ලා'' යනුවෙන් ඔහු සැකකරුවන්ට පවසා ඇති බවත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වූ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.


මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (13) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත්වූ අතර, සිද්ධියට අදාළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 6 (1) ප්‍රකාරව අත්අඩංගුවට ගෙන 9 (1) වගන්තිය ප්‍රකාරව රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ සැකකරුවෝ 20 දෙනා එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබ සිටියහ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා වූ මවුලවිවරයා, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයේදී තරුණයන්ට අන්තවාදී න්‍යායන් සම්බන්ධයෙන් උපදේශන සේවා ලබාදී ඇති බවටත් ඒ සඳහා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් ද පැමිණ සිට ඇති බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෝ 13 දෙනකු ද බන්ධනාගාරය මගින් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කළ රජයේ නිතීඥ අසංක මෙන්ඩිස් මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් එහි විශේෂ විමර්ශන අංශ 2 හි ස්ථානාධිපති පොලිස් පරික්ෂක මාරසිංහ. මාවනැල්ල පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරික්ෂක රණසිංහ යන නිලධාරීහු අධිකරණයේ පෙනී සිටියහ.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය පුපුරවා විනාශ කර දැමීමට කෑගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීක් කළ අතර මෙම ඉල්ලීමට අවසර ලැබිණි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහාමඩ් සහරාන්ගේ ප‍්‍රධාන ගෝලයන් දෙදෙනා වන මොහොමඩ් ඊබ්‍රහිම් සාහිඩි අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා යන සොහොයුරන් සහ ඔහුගේ පියා වූ රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති මවුලවිවරයා ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් තවදුරටත් සිදුකළ යුතුව ඇති බැවින් ඔවුන් නැවතත් තමන් වෙත භාරකරන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධිය ඉතාමත් සංකීරිණ වූ එකක් බැවින් විමර්ශන කඩිනමින් අවසන් කිරිමේ හැකියාවක් නොමැති බවත් සැකකරුවන්ගෙන් තවදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නිතීඥ අසංක මෙන්ඩිස් මහතා අධිකරණයට දැන්වීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රැදවුම් නියෝග මත සිටින සැකකරුවන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අස්තාබ්, මුෆ්නි මුනි, ඉරිෂාද් අහමද්. අසීස්, ෆවුසාන් මුස්තාෆා මොහොමඩ්, ෆයාස්. ෆයාස් අහමඩ්, රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් (මුලවිවරයා), අකිල් අහමඩ්, අබ්දුල් ජබ්බාර් බදුදීන්. සිද්ධි නසීරා ඉසදින්, හනීෆා, මොහොමඩ් හමාස්, මොහොමඩ් නරී සහ මොහොමඩි නලිෆ් යන අයවලුන්ය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක ගබඩා කර තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක්, ඩෙටනේටර් 700ක්, ලීටර් 36 ක් බැගින් අඩංගු නයිට්‍රජන් ඇසිඩ් කෑන් පහක් ඇතුළු උපකරණ තොගය නඩු භාණ්ඩ වශයෙන් සලකුණු කොට මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පසුගිය ජනවාරි මාසයේදී ය.

මෙම සැකකරුවන් සන්තකයේ තිබි බෝම්බ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රියාපටිපාටිය ඇතුළත් ලේඛනයක් සොයා ගත් බවත්, මොවුන් එම කඳවුරේ සිට ටී 56 වර්ගයේ ගිනි අවි පුහුණුව ලබා ඇති බවට විමර්ශන වලදී හෙළි වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements